එෆ්.එම්. රේඩියෝවක් ඔස්සේ දුරකථන සංවාදයන්ට සවන් දෙන්න…

මාතෘකාව දැක්ක ගමන් මොකද හිතෙන්නේ. කාගේ හරි දුරකථන සංවාදයකට සවන් දෙන්න ඇත්නම් කියලද? අනවසරයෙන් අනුන්ගේ දුරකථන සංවාදවලට සවන්දෙන්න යන්න නම් එපා. අද මම ඉදිරිපත් කරන්න යන පරිපථය බොහොමයක් වෙලාවට ඔය අධ්‍යාපන ප්‍රදර්ශන වලදී එහෙම දකින්න පුලුවන් දෙයක්. රැහැන් සහිත දුරකථන මාර්ගයක් ඔස්සේ සිදුවන සංවාදයක් මේ පරිපථය උපයෝගී කරගෙන එෆ්.එම්. රේඩියෝවක නිශ්චිත සංඛ්‍යාතයක් ඔස්සේ ශ්‍රවණය කර ගන්න පුලුවන්. 
මේ පරිපථයේ තිබෙන විශෙෂත්වය තමයි මෙම පරිපථය ක්‍රියාකාරී වීම සදහා වෙනම විදුලිය සැපයුමක් ලබා නොදිය යුතු වීම. රැහැන් දුරකථන වල තිබෙන විදුලි සැපයුමෙන්ම මෙම පරිපථයටත් විදුලිය ලබා දිය හැකියි. මෙය ක්‍රියාකරන්නේ සරල එ.එම්. ට්‍රාන්ස්මීටරයක් ලෙස. සාමන්‍යයෙන් මීටර්. 100 පමණ දුරක සිට මෙම පරිපථය ඔස්සේ ලබා දෙන සංවාදයන්ට සවන් දිය හැකියි. එමෙන්ම ට්‍රාන්ස්මීටරයන්හි පොදුවේ දක්නට ලැබෙන කන්ඩෙන්සර් මයික් එකක්ද මෙහි දක්නට ලැබෙන්නේ නැහැ. මෙහි භාවිතා කරන ට්‍රාන්සිස්ටරය රු.3ක් වැනි මුදලකට වෙළදපොලෙන් ලබා ගත හැකියි.

 මෙහි ඒරියලය ලෙස (L2) සෙ.මී. 4-10 අතර වයර් කැබැල්ලක් යොදා ගතහැකි අතර කොයිලය (L1) ලෙස අර්ත් වයරක ඇති එක් කම්බි පොටක් බෝල්පොයින්ට් පෑනක ප්ලාස්ටික් බටය වටා වට 04 1/2 පමණ ඔතාගෙන සකසා ගන්න. IN 4004 ඩයෝඩ් 04ක් Bridge Rectifier ලෙස යොදා ගත හැකිය. 

 

 දුරකථන සංවාදයක් පැවතෙන අතරතුර මෙහි යොදා ඇති එල්.ඊ.ඩී බල්බය දැල්වෙන අතර එෆ්.එම්. තරංග 88-92 අතර සුසර කර මෙමගින් ලැබෙන සංවාද වලට සවන් දෙන්න. කොයිලය සීරු මාරු කිරීමේන් විකාශය වන සංඛ‍යාතය වෙනස් කරගත හැකිය. මෙම පරිපථය වෙළද හෝ අධ්‍යාපනික ප්‍රදර්ශනයන්හීදී සජීවී දුරකථනය සංවාදයන් ඔස්සේ ක්‍රියාත්මක වන එම්.එම්. විකාශයක් ලෙසද යොදා ගත හැකිය.

About Don Kenny

Working as a freelance web developer, developed nearly 30 sites based on php, mysql, ajax, wordpress, joomla & phpbb3. Owned 05 domains with VPS hosting package.
This entry was posted in ඉලෙක්ට්‍රොනික, Electronic Project, FM Transmeter, Telephone Recorder. Bookmark the permalink.

10 Responses to එෆ්.එම්. රේඩියෝවක් ඔස්සේ දුරකථන සංවාදයන්ට සවන් දෙන්න…

  1. TL LANKA WEB says:

    ou meka niyama kit ekak.mamath athhada balala thiyei.namuth 100m walata wada meka hadanna puluwan eth eka hoda deyak nove.thahanam.96.1MHz walanam athhada balanna vitharak puluwan.mita wada loku kit danawanam poddak parissamen danna.moko thahanam nisa.kohoma unath meka hoda wedak.thank oya meka kattiyata kiya dunnata.

  2. මේක කොතනටද හයි කරන්නේ?

  3. ළමයා says:

    අහ් නියමායි! මමත් හදලා බලන්න ඕනි!

  4. Saman says:

    ටෙක්නිකල් ලිපි නවත්තලා සුරංගනා කතා ලියන්නත් ගත්තද…??

  5. prasanna86k says:

    මචෝ මේකෙන් අපි කියන ඒවයි, අපිට ඇහෙන ඒවයි දෙකම අහන්න පුලුවන්ද? මේකෙ input , output set කරන විදිය කියන්න.

  6. ඔව්. යන එන සංවාදයන් දෙකටම සවන් දිය හැකියි. මෙය සම්බන්ධ කළයුත්තේ දුරකථනය සම්බන්ධවන Slum Box නමැති කුඩා පෙට්ටිය සහ දුරකථනය අතරටයි. කලු සහ රතු වර්‍ණයන්ගෙන් යුත් වයරයන්ටයි. මෙය හරහා ඔබේ දුරකථනයට සම්බන්ධතාවය ලබාදෙන්න. ඇමතුමක් කෙරෙන අවස්ථාවේ පමණක් එල්.ඊ.ඩී ය දැල්වේ. 250V පමණ කැපෑසිටර්ස් භාවිතා කළයුතුය.

  7. ECHO says:

    නියම ලිපියක්……

  8. namila007 says:

    gindara 😀 😀 karala balanna oneeeee

Leave a comment