විදුලිය ගබඩා කර තබා ගන්නා කැපෑසිටර් හදුනා ගනිමු……..

විදුලි පරිපථයක බොහෝවිට දැකියහැකි උපකරණයක් තමයි කැපෑසිටර් එහෙමත් නැත්නම් කන්ඩෙන්සර් යන නමින් හදුන්වන්නේ. සුලු කාල පරාසයකට විදුලිය ගබඩා කර තබා ගැනීම තමයි මේ උපකරණයේ මූලිකම කාර්යභාරය. එනමුත් කැපෑසිටරයේ කාර්යයාභාරය විදුලිය ගබඩා කර තබා ගැනීමට පමණක් සීමා වන්නේ නැහැ.  තාවකාලික බැටරියක් වශයෙනුත්, බල සැපයුමකදී නම් බලය සුමට කරගැනීම සදහාත්, ගුවන් විදුලියක හෝ රුපවානියක නම් සංඛ්‍යාතයන් සුසර කරගැනීමටත්, මෝටරයක් බලගැන්වීමේදී අවශ‍ය ක්ෂණික එමෙන්ම ස්ථායී බලය සැපයීමටත් කැපෑසිටරයන් යොදා ගැනීම අවස්ථාවන් කිහිපයක් පමණයි. එමෙන්ම ඩෙටනේටර් මෙන්ම පරමාණුක අවි බල ගැන්වීම දක්වාත් කැපෑසිටරයන් යොදා ගනු ලබනවා.මෙම උපාංගය ධන රිණ වශයෙන් වෙන් වෙන්ව අග්‍ර 02ක් පිහිටන අයුරින්ද ධන රිණ බේදයක් නොමැතිව අග්‍ර 02ක්  පිහිටන අයුරින්ද දක්නට ලැබෙනවා. නමුත් භාවිතාවේදි මෙන්ම සංකේත වලදීත් මේ වෙනස එනම් ධන රිණ බේදයක් සහිතද, නැද්ද යන්න පැහැදිලිව තේරුම් ගත හැකිවනවා. රූපසටහන් 01 මගින් ධන රිණ වශයෙන් අග්‍ර වෙන්වන කැපෑසිටරයක් හා රූපසටහන් 02 මගින් ධන රිණ බේදයක් නොමැති කැපෑසිටරයකුත් ඒවායේ සංකේතයන් සමගම පෙන්නුම්කරනවා.
කැපෑසිටරයන්ගේ අගය මනිනු ලබන ඒකකය “ෆැරඩ්” වන අතර භාවිතාවේදී අප හට බොහෝ විට හමුවන්නේ මයික්‍රො ෆැරඩ් සහ පිකො ෆැරඩ් අගයන්ගෙන් යුත් කැපෑසිටර්ස් පමණි. එනම් ෆැරඩ් එකකින් මිලියනයකින් කොටසක් මයික්‍රො ෆැරඩ් එකක් ලෙසද මිලියන දහයකින් කොටසක් පිකෝ ෆැරඩයක් ලෙසද හැදින්වෙනවා. ධන රිණ වශයෙන් වෙන්වෙන්ව අග්‍ර පිහිටන කැපෑසිටරයන් මයික්‍රො ෆැරඩ් අගයන්ගෙන් යුක්ත වන අතර ධන රින බේදයක් නොමැති කැපෑසිටරයන් පිකෝ ෆැරඩ් අගයන්ගෙන් යුක්ත වනවා.
කැපෑසිටරයක අගය ෆැරඩ් ඒකකයන්ගෙන් මනිනු ලැබුවද කැපෑසිටරයකට ඔරොත්තු දිය හැකි නොමැති නම් ලබාදිය   හැකි වෝල්ටීයතාවයේ ප්‍රමාණයද කැපෑසිටරයේම සදහන් වෙනවා. උදාහරණයක් ලෙස 6V විදුලියෙන් ක්‍රියාත්මක වන ගුවන්විදුලි යන්ත්‍රයක බොහෝ විට භාවිතාවන්නේ 12V හෝ ඊට ආසන්න අගයක කැපෑසිටරයන්. මෙම ලබාදිය හැකි වෝල්ටීයතාවයට වඩා වැඩි වෝල්ටීයතාවයක් ලබා දීමෙන් කැපෑසිටරය අක්‍රිය වනවා මෙන්ම අනතුරු සහගත තත්වයන්ද උදා විය හැකියි. දැරිය නොහැකි වෝල්ටීය අගයක් ලද වහාම කැපෑසිටරය පුපුරා යාමේ අවදානමක් ඇති විය හැකිය.
කැපෑසිටරයක මිළ ගනන්ද ඒවායේ ෆැරඩ් අගය සහ වෝල්ටීයතාවය අනුව වෙනස් වන අතර සාමන්‍යයෙන් රෙසිස්ටරයකට වඩා වැඩි මිලක් කැපෑසිටරයක්  සදහා ලබා දිය යුතුවේ. ඉහත රූපයේ දැක්වෙන මයික්‍රොෆැරඩ් 1500ක වෝල්ට් 25 කැපෑසිටරයක සාමන්‍ය මිළ රු. 10ත් 20ත් අතර අගයක වන අතර ඉදිරියේදි මෙවැනි කැපෑසිටරයක් යොදාගෙන ප්‍රායෝගික පරිපථයක් එකලස් කරනා ආකාරය ගැන  සාකච්චා කරමු. තවද ක්‍රියාත්මක නොවන රූපවාහිණි යන්ත්‍ර, පරිගණක මොනිටර්, පරිගණක බල සැපයුම් පද්ධති වැනි දෑ ප්‍රධාන විදුලියට සම්බන්ධ කර නැවත විසන්ධි කළද එම යන්ත්‍රවල බල විදුලි පද්ධතියන්ගේ ඇති කැපෑසිටර් වල විදුලිය ගබඩා වී තිබිය හැකි බැවින් ආවරණ ඉවත්කිරිමේදී සැලකිලිමත් වියයුතු බව මතකයේ තබා ගන්න.

About Don Kenny

Working as a freelance web developer, developed nearly 30 sites based on php, mysql, ajax, wordpress, joomla & phpbb3. Owned 05 domains with VPS hosting package.
This entry was posted in සිංහල, Capacitor, Condensor, Electronic. Bookmark the permalink.

3 Responses to විදුලිය ගබඩා කර තබා ගන්නා කැපෑසිටර් හදුනා ගනිමු……..

  1. mali_89 says:

    good post. keep it up!!

  2. Thanks Mali_89. just try to do something from my little knowledge…

Leave a comment