AT Commands මගින් ජංගම දුරකතනය හා 3G මොඩෙමය හසුරවමු……

දැනටමත් බොහෝ දෙනෙක් විවිධාකාර වූ මෘදුකාංග උපයෝගී කරගෙන පරිගණකය මගින් ජංගම දුරකතන හසුරුවන බවට කිසිදු සැකයක් නැහැ. ඒත් මම මේ කියන්න යන්නේ ඔබත් වින්ඩෝස් පරිශීලකයෙක් නම් වින්ඩෝස් වලම තියෙන හයිපර් ටර්මිනල් කියන මෘදුකාංගය හරහා ජංගම දුරකතනයක් මෙහෙයවන ආකාරය ගැනයි. අලුත් දෙවල් සොයාගන්න උනන්දු වන අයට මේ හයිපර් ටර්මිනල් කියන මෘදුකාංගය හොද මෙවලමක් කරගන්න පුලුවන් කියන එකයි මගේ අදහස. මේ සදහා ඔබේ ජංගම දුරකතනය බ්ලූටූත් හරහා හරි කේබල් එකක් උපයෝගී කරගෙන හරි  පරිගණකය හා සම්බන්ධ කර ගන්න නම් වෙනවා.
ඩොස් ප්‍රොම්ප්ට් එකේ ඉදගෙන එක එක ඩොස් කමාන්ඩ්ස් මගින් පරිගණකය මෙහෙවන එක තවමත් අපට අත හරින්න බැහැනේ. මොකද සමහර ඩොස් කමාන්ඩ්ස් වලින් කර ගන්න එක වැඩක් කරගන්න මෙගා බයිට් දුසිම් ගණනක මෘදුකාංග ඕන වෙන අවස්ථා තියෙනවනේ. ඉතින් මෙන්න මේ හයිපර් ටර්මිනල් කියන්නෙත් ඒකටම ආවෙනික වූ කමාන්ඩ්ස් මගින් ජංගම දුරකතනයක්, මොඩෙමයක් එහෙමත් නැත්නම් පරිගණකය හා සම්බන්ධ වන එවැනි ද්‍රඩකාංගයක් එක්ක පණිවුඩ හුවමාරු කරගැනීමට යොදා ගන්නා වින්ඩෝස් මෙවලමකටයි. හයිපර් ටර්මිනල් එක හරහා යවන කමාන්ඩ්ස් අප හදුන්වන්නේ ඒ.ටී කමාන්ඩ්ස් යන නමින් (Attention Commands). බොහොමයක් සංනිවේදන මෘදුකාංගයන්ගෙන් කෙරෙන්නෙත් මෙන්න මේ ඒ.ටී කමාන්ඩ්ස් කිහිපයක් මගින් අදාල ඩිවයිස් එකත් එක්ක ගනුදෙනු කරන එක තමයි.
හොදයි අපි බලමු , 3G මොඩමයක් කොහොමද AT කමාන්ඩ්ස් හරහා හසුරවන්නේ කියලා.
1.ප්‍රථමයෙන්ම ඩ්වයිස් මැනේජර් තුලින් බලාගන්න ඕනි මොඩෙම් එක පරිගණකය හා සම්බන්ධ වෙලා තියෙන්නේ කුමන පෝර්ට් එක හරහාද කියන එක. සම්බන්ධ වී තිබෙන්නේ පෝර්ට් 04 සමගයි.

2.මීලගට Programs -> Accessories -> Communication ටැබ් එකේ තියෙන හයිපර් ටර්මිනල් එක ඕපන් කරගන්න.

කනෙක්ෂන් එකට නමක් දෙන්න…

3.මොඩෙමයේ නම නොව මොඩෙමය සම්බන්ධ වී ඇති පෝර්ට් එක සිලෙක්ට් කරන්න. මෙහිදී මම පෝර්ට් 04 සිලෙක්ට් කරනවා

4.ඉන්පසු ලැබෙන මෙනුවේ ඇති Restore Defaults යන්න සිලෙක්ට් කරන්න. මී ලගට ලැබෙන විධාන කවුලුවේ AT යනුවෙන් Type කර බලන්න. OK යනුවෙන් Reply එකක් ලැබේ නම් ඔබ සාර්ථකව ඔබේ මොඩෙමය සමග හයිපර් ටර්මිනල් මගින් සම්බන්ධ වී අවසානයි. දැන් මී ලගට ඔබේ මොඩෙමයේ නිශ්පාදිත නාමය සහ කාණ්ඩ අංකය ලබා ගැනීමට ATI යන විධානය හයිපර් ටර්මිනල් විධාන කවුලුව හරහා ලබාදෙන්න.

මා ඔබට පහතින් ලබාදෙන්නේ මෙම විධාන කවුලුව හරහා ලබාදිය හැකි විධාන කිහිපයක්. ඒවායෙන් ලැබෙන ප්‍රතිපල කුමක්ද යන්න වටහා ගැනීමට උත්සහකරන්න. AT Commands මගින් කෙටි පනිවුඩ යැවීම, කියවීම, ඩිලීට් කිරීම, දුරකථන අංකයක් ඩයල් කිරීම, ලැබෙන දුරකතන පනිවුඩයකට පිලිතුරු දීම වැනි ජංගම දුකතනයකින් සිදුකල හැකි සියලුම කර්තවයන් සිදු කරගැනීමට හැකියාව ඇති අතර ඉදිරියේදී එවැනි ප්‍රයෝගික ක්‍රියාකාරකම් ගැන විමසා බලමු.

AT+COPS
AT+COPS?
AT+COPS=?
AT+CREG?
AT+CGDCONT?
AT+CIMI=?
AT+CSQ

About Don Kenny

Working as a freelance web developer, developed nearly 30 sites based on php, mysql, ajax, wordpress, joomla & phpbb3. Owned 05 domains with VPS hosting package.
This entry was posted in 3G Modem, AT Commands, සිංහල, Mobile Phone. Bookmark the permalink.

3 Responses to AT Commands මගින් ජංගම දුරකතනය හා 3G මොඩෙමය හසුරවමු……

  1. ෂා.. මේක ගැන මම දැනන් හිටියෙ නෑ.. 🙂

  2. there is no hyper terminal in Win 7. what would i do?

  3. Prashan Fernando said…
    there is no hyper terminal in Win 7. what would i do? …..
    hyper terminal and telnet don’t exist in windows 7 & Some versions of Vista. guess Micro Soft doesn’t want anyone using this kind of experiments anymore. But you can download one of open source application which act as hyper terminal from http://ttssh2.sourceforge.jp/ . You can still use old XP Hyper terminal. Just extract two files hypertrm.dll and hypertrm.exe & put them anywhere on the disk, no installation required. Of course, for that you need to have XP to extract files from.

Leave a comment