ඉලෙක්ට්‍රොනික් පරිපථ සදහා අවශ්‍ය වන උපකරණ හදුනා ගනිමු – 01 (බවුත් එක හෙවත් Soldering Iron)

ඉලෙක්ට්‍රොනික් ක්ෂේත්‍රයට පිවිසෙන නවකයකු විසින් හදුනාගතයුතු උපකරණ කීපයෙන් අත්‍යවශ්‍යම උපකරණයක් වශයෙන් සැලකෙන්නක් තමයි Soldering Iron එහෙමත් නැත්නම් අප කවුරුත් දන්නා භාෂාවෙන් බවුත් එක ලෙස හදුන්වන්නේ.230V ප්‍රධාන විදුලියෙන් ක්‍රියාත්මක වන නිසා බවුත් එක පාවිච්චි කිරීමේදී ඔබ්ගේ ආරක්ෂාව ගැනත් සැලකිලිමත් විය යුතු අතර පාවහන් යුගලක් පැළද සිටීම මගින් විදුලිය කාන්දුවක් වැනි අවස්ථාවකදී සිදුවිය හැකි අනතුරු අවම කරගත හැකියි. වෙළදපලෙන් රු 50ක් වැනි මුදලකට පවා බවුත් එකක් ලබා ගැනීම හැකියාව ඇති නමුත් ඒවායේ කල්පැවත්ම කෙටිකාලීන වන අතරම විදුලිය කාන්දු වීම් වැනි දෑද බහුලව සිදුවනවා. එහෙයින් බවුත් එකක් මිළදී ගැනීමේදී රු. 150-200 අතර මිළකට ඇති බවුත් එකක් තෝරා ගැනීම වඩාත් යෝග්‍යයයි. ප්‍රසිද්ද වෙලද නාමයන් යටතේ ඇති බවුත් එකක මිළ නම් රු. 500-1000 අතර වනවා.

බවුත් එක ( Soldering Iron )
 සාමාන්‍යයෙන් වොට් 20 සිට වොට් 200 දක්වා වොට් අගයන්ගෙන් යුත් බවුත් වෙළදපලෙන් ලබා ගත හැකියි. වොට් 30 ක පමණ අගයකින් යුත් බවුත් එකක් අපගේ එදිනෙදා කටයුතු වලට වඩාත් යෝග්‍ය වනවා. ඉහළ වොට් අගයකින් යුත් බවුත් එකක් ආධාරයෙන් ට්‍රාන්සිස්ටර්, අයි.සී වැනි ඉලෙක්ට්‍රොනික් උපාංග පෑස්සිමට යාමේදී අධික උෂ්ණත්වය හේතුවෙන් එම උපාංග පිලිස්සී යා හැකියි. ඒ නිසා අනිවාර්යෙන්ම බවුත් එකේ වොට් ගණන ගැන අප සැලකිලිමත් විය යුතුයි. 

බවුත් රදවනය ( Soldering iron Stand )
බවුත් එකක් පාවිච්චිකිරීමේදී ඒ සදහා රදවනයක්ද සපයා ගත යුතු වනවා. මන්ද ඉහල උෂ්ණත්වයකින් යුත් බවුතය නිසි තැනක නොරැදවීම හේතුවෙන් සමහ අවස්ථාවන්හීදී එය පාවිච්චිකරන්නාට මෙන්ම අනිකුත් උපකරණවලටත් උෂ්ණත්වයෙන් හානි පැමිණිය හැකි බැවිනි. සමහර අවස්ථාවන්හීදී බවුතයේ තුඩ එහි වයරයේ ස්පර්ෂ වීම හේතුවෙනුත් අනතුරුසහගත තත්වයන් උදා වෙනවා. එහෙයින් පෑස්සීම් කටයුතු කිරීමේදී බවුතය වෙනුවෙන් රදවනයක් පාවිච්චි කළ යුතු වනවා. මෙවැනි රදවනයන්ද වෙළද පලෙන් මිලදී ගත හැකි අතර ඝනකම් කම්බ්යක් ආධාරයෙන් සකසා ගැනීමද කළ හැකියි.

About Don Kenny

Working as a freelance web developer, developed nearly 30 sites based on php, mysql, ajax, wordpress, joomla & phpbb3. Owned 05 domains with VPS hosting package.
This entry was posted in බවුත්, සිංහල, Soldering Iron. Bookmark the permalink.

1 Response to ඉලෙක්ට්‍රොනික් පරිපථ සදහා අවශ්‍ය වන උපකරණ හදුනා ගනිමු – 01 (බවුත් එක හෙවත් Soldering Iron)

  1. ibm says:

    visistai lipiya

Leave a comment